CSK තියුණු ජයක් ලබද්දී SRH අන්ත පරාජයක

2019-04-15 at 10:27

අයිපීඑල් තරගාවලියේ ඊයේ පැවති තරග දෙක ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස්කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ තරග වැදුනේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගයි.

එහිදී පළමුවෙන් පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 161ක් රැස් කළා.

පිළීතුරු ඉනිමේදී අවසන් පන්දුවාරයේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

අනෙක් තරගය පැවැත්වුණේ දිල්ලි කැපිටට්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 155ක් රැස් කළා.

පිළීතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 116ක් පමණයි.
මුම්බායි ඉන්ඩියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර තරගය අද පැවැත්වෙනවා.

Please follow and like us: