IPL – ඊයේ තරගයෙන් Kolkata Knight Riders පරදා Mumbai Indians ජය ගනීයි

2020-09-24 at 08:48

IPL තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ජය ගැනීමට Mumbai Indians කන්ඩායම සමත් වුණා.

ඒ Kolkata Knight Riders කන්ඩායම ලකුණු 49කින් පරාජයට පත්කරමින්.

අබුඩාබිහිදී ඊයේ පැවති තරගයේ කාසිය වාසිය දිනූ Kolkata Knight Riders කන්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් Mumbai Indians පිල කඩුලු 5ක් දැවී ලකූනු 195ක් රැස් කළා. අගනා පිතිහරඹයක නිරතවූ රෝහිත් ශර්මා පන්දු 54ක් තුල වේගවත් ලකුණු 80ක් රැස් කළා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders කන්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගතහැකිවුණේ ලකුණු 146ක් පමණයි.

ඒ අනුව Mumbai Indians පිල තරගයේ ජය හිමිකරගත්තා.

Kings XI Punjab සහ Royal Challengers Bangalore කන්ඩායම් අතර තරගය අද පස්වරුවේ පැවැතවිීමට නියමිතයි. ඒ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදීයි.