IPL කණ්ඩායමට මෙවර තරුණ ක්‍රීඩකයන්ට වැඩි ඉඩක් දෙනවා

2020-09-12 at 10:32

මෙවර අයි පී එල් තරගාවලියේ තම කණ්ඩායම තුල තරුණ ක්‍රීඩකයන්ට වැඩි ඉඩක් ලබාදීමට අපේක්ෂා කරන බව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන ප්‍රවීණ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

මුරලිදරන් මෙවර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවිමේ අංශයේ පුහුණුකරුවා ලෙසයි කටයුතු කරන්නේ.

ඉන්දිය මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කර ඇත්තේ.

මෙවර සන්රයිසස් කණ්ඩායමට තරුණ ක්‍රීඩකයන් රැසක් ඇතුලත්.

අබ්දුල් සමාඞ් / අභිෂේක් ෂර්මා / කලීල් අහමඞ් / සංජය යාදව් / විරාට් සින්ග් ඔවුන් අතරින් කිහිප දෙනෙක්.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ සහභාගී වන පළමු තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 21 වනදායි.

ඒ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩංගනයේදියි.