IPL පළමු තරගය කෝටි 20 ක් නරඹලා

2020-09-23 at 10:12

මෙවර අයි පී එල් තරගාවලියේ සමාරම්භක තරගය ලොව පුරා කෝටි 20 ක ජනකායක් රූපවාහිනිය හා අන්තර්ජාලය ඔස්සේ සජීවීව නරඹා ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය පවසනවා.

ලොව වැඩිම ජනගහනයක් ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියක සමාරම්භක දිනය නැරඹු අවස්ථාව ලෙසින්ද මෙය වාර්තා වන බවයි ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය නිවේදනය කළේ.

මෙවර අයි පී එල් තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වුනේ සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා දිනයේදියි.

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්ඩියන්ස් පිළ එහිදි තරග වැදුනා.

කොරෝනා වසංගත තත්වය හමුවේ ක්‍රීඩංගන වලට කිසිදු ප්‍රේක්ෂකයෙක් ඇතුලත් කර නොගැනීම හමුවේ මෙලෙස අයි පී එල් තරගාවලියේ රූපවාහිනි හා අන්තර්ජාල නැරඹුම්වාර සංඛ්‍යාව ඉහල ගොස් ඇති බවටයි අනාවරණ වන්නේ.