Port City විවාදය සහ ඡන්ද විමසීම කල් යයි

2021-05-04 at 13:55

කොලඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය සහ ඡන්ද විමසීම කල් දැමීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොණු කර තිබූ පෙත්සම්වලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මේ දක්වා කථානායකවරයා වෙත ලැබී නොමැති බැවින් හෙට දිනයේදී විවාදය නොපැවැත්වීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළීබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් තීරණය කර ඇත්තේ.

ඒ අනුව කොලඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ විවාදය මෙම මස තුන්වන සතියේ අගහරුවාදා සහ බදාදා දින දෙකේදී පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කළ බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිවුස් රේඩියෝ වෙත කියා සිටියේ.