T20 ලෝක කුසලානයෙන් පසුවත් මාලිංග සමුනොගනී

2019-11-20 at 13:29

ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුවද ක්‍රීඩා කිරීම කෙරෙහි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවධානය යොමුවී තිබෙනවා.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා නායකත්වය දැරීමට තමන් සූදානම් බවද අනතුරුව තවත් වසර 2 ක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කලා.

තමා පිටියේ රැඳී සිටීමෙන් නවක ක්‍රීඩකයන්ට අත්දැකීම් රැසක් ලබාගත හැකි බවද ලසිත් මාලිංග ප්‍රකාශ කර තිබෙනවා.

මීට පෙර ඔහු නිවේදනය කර තිබුණේ 2020 පන්දුවාර 20 ලෝක කුසලානයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බවයි.