TID DIG ගැන විමර්ශන CID ට – අගමැතිත් වාර්තාවක් ඉල්ලයි

2018-09-14 at 18:50

ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහි චෝදනා විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිඛෙනවා.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් එම උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා නිව්ස් රේඩියෝවට කියාසිටියේ.

මේ අතර නාලක ද සිල්වා මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිඛෙනවා. ජනාධිපතිවරයා ඝාතන ප්‍රයත්නයක් සම්බන්ධයෙන් නාලක ද සිල්වා මහතාට එරෙහි චෝදනා පිළිබඳවයි මෙම විමර්ශන සිදුකෙරෙන්නේ.

Please follow and like us: