TikTok, WeChat ඇතුලු චීන Apps 59 ක් ඉන්දියාව තහනම් කරයි

2020-06-30 at 08:10

ටික්ටොක් ඇතුලු චීනය විසින් නිපදවන ලද ජංගම දුරකථන ඇප්ලිකේෂන 59 ක් ඉන්දියාව විසින් තහනම් කර තිබෙනවා.

ඒ රටේ ආරක්ෂාවට තර්ජනයක් වන බව දක්වමින්. වී චැට් නම් ජනප්‍රිය ඇප්ලිකේෂනයද මේ අතර වනවා.

දෙරට අතර දේශ සීමා උණුසුම නැවත ඉහළ යාමත් සමගයි ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙවැනි ජංගම දුරකථන යෙදවුම් හරහා ඉන්දියානුවන්ගේ පුද්ගලික තොරතුරු චීනය විසින් ලබාගන්නා බවට චෝදනා කරමින් ඉන්දියාව මෙම තීරණය ගෙන තිබෙනවා.

ඉන්දියාව තුළ ටික්ටොක් ඇප්ලිකේෂනය භාවිත කරන සංඛ්‍යාව කෝටි 12 කට ආසන්නයි.