Update: අද ආසාධිතයන් 10 ම නාවික හමුදාවේ

2020-05-23 at 17:29

මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 1078 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේදී තවත් නාවික හමුදා සෙබලුන් 10 දෙනෙකු ආසාධිතයන් බවට තහවුරු කරගැනීමත් සමගයි.

ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව සඳහන් කලා.

මේ අනුව වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් ගණන 617 දක්වා ඉහළ යනවා.