Update: ජඹුරේවල චන්ද්‍රරතන හිමි සහ තවත් අයෙකුට පොලිස් ඇප

2021-04-08 at 20:21

කොළඹ කොටුවේ පැවති විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට ගත් පූජ්‍ය ජඹුරේවල චන්ද්‍රරතන හිමියන් සහ තවත් අයෙකු පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කලේ.

අදාළ විරෝධතාවයේදී පොලිස් ජීප් රථයකටද කිසියම් අයෙකු අලාභහානි සිදුකර තිබුණා.