Update: නවසීලන්ත ප්‍රහාරයෙන් 40 ක් මරුට – 20 කට තුවාල – 4 ක් අත්අඩංගුවට

2019-03-15 at 12:42

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ මුස්ලිම් පල්ලි 2 කට එල්ලවූ වෙඩි ප්‍රහාරවලින් 40 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිඛෙනවා.

එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් මහත්මිය වෙලිංග්ටන් අගනුවර දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි එය අනාවරණය කලේ.

ගිනි අවි රැගෙන පැමිණි දෙදෙනෙකු සිකුරාදා යාඥාවල නිරත වී සිටි පිරිසකට මෙම ප්‍රහාර එල්ල කර තිබූ අතර ඔවුන් එය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවිව විකාශය කර තිබූ බවද සඳහන්. ඉන් එක් සැකකරුවෙකු ඔස්ටේ්‍රලියා ජාතිකයෙකු බව මේ වනවිට අනාවරණය වී තිඛෙනවා.

නවසීලන්ත පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවකද ඇතුලු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුව සිදුකල සෝදිසි මෙහෙයුම්වලදී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද සිය භාරයට ගත්බව නවසීලන්ත පොලිසිය සඳහන් කලා.

මේ අතර මේ වනවිට නවසීලන්තයේ තරග සංචාරයක නිරතවී සිටින බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක්ද අදාළ එක් පල්ලියක් ආසන්නයේ සිට ඇති අතර අසල තිබූ උද්‍යානයක් හරහා ගමන් කර ඔවුන් දිවි ගලවා ගැනීමට සමත්වී තිඛෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ සියලුම ක්‍රීඩකයන් නිරුපද්‍රිතව සිටින බවයි.

හෙට ආරම්භවීමට නියමිතව තිබූ බංග්ලාදේශ – නවසීලන්ත 3 වන ටෙස්ට් තරගය අවලංගු කිරීමටද පියවර ගැණුනේ මෙම ප්‍රහාරයත් සමගයි.

ක්‍රයිස්චර්ච් නගරයේ සියලුම මුස්ලිම් පල්ලි නැවත දැනුම් දෙන තුරු වසා දමන ලෙසටද නවසීලන්ත ආරක්ෂක අංශ දැනුම් දී තිඛෙනවා.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ සියල්ලන්ට නීතිය දැඩිව ක්‍රියාවට නංවන බවයි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් මහත්මිය අවධාරණය කලේ.