Update: MCC සමාලෝචන වාර්තාව ගැන අමෙරිකා රාජ්‍ය ලේකම් දැනුවත් කරයි

2020-06-30 at 13:18

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අතර ඊයේ (29) පැවති  දුරකථන සංවාදයේදී, MCC සමාලෝචන වාර්තාව ගැන රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කර තිබේ.

එසේම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව ද ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන ඇත.

විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි.