VIDEO : රංජන්ට ආරක්ෂාව ඉල්ලා විපක්ෂය මැති සබේ විරෝධතාවයක – වගකීම ගන්නා බව ඇමති ලොහාන් කියයි
2021-02-23 at 12:49

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නැයි ඉල්ලා විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයට මාරුකර දෙන ලෙසටයි.
ඔහු පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙසටද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියා.
බන්ධනාගාර විශය භාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනතුරුව කියාසිටියේ රංජන් රාමනායක මහතාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධ වගකීම තමන් භාරගන්නා බවයි.
Speaker of @ParliamentLK has been continuously avoiding a response to Leader of Opposition @sajithpremadasa on the position of whether or not #SriLanka MP @RamanayakeR can attend sessions (as per convicted criminal Premalal Jayasekera). It was promised many weeks ago. pic.twitter.com/o37a4NLkUI
— Harsha de Silva (@HarshadeSilvaMP) February 23, 2021
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු යැවීමේ උපදේශක තනතුරෙන් චමින්ද වාස් ඉල්ලා අස්විම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළකලා.
