අදිල් රෂීඞ් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවතට

2020-02-10 at 15:37

එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක අදිල් රෂීඞ් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචාරයෙන් ඉවත්වී තිබෙනවා.

පසුගිය කාලසීමාවේ ටෙස්ට් තරග පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ තමන් එම සංචාරයට එක්වීම සාධාරණ නොවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඉදිරි කාලසීමාවේදී අඛණ්ඩව සීමිත පන්දුවාර තරගවලට වැඩි අවධානයක් යොමු කිරීමයි ඔහුගේ සැලසුම වන්නේ.

ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී විම සඳහා එංගලන්ත කණ්ඩායම ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය ලබන මස 19 වනදා ගාල්ලේදී ආරම්භ වනවා.