අනාමුල් සහ තයිජුල් බංග්ලාදේශ සංචිතයට

2019-07-17 at 06:54

ලබන 26 වනදා ආරම්භ වන තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා එක්දින තරග සංචාරය වෙනුවෙන් අනාමුල් හක් සහ තයිජුල් ඉස්ලාම් බංග්ලාදේශ ක්‍රිකට් සංචිතයට කැඳවා තිඛෙනවා.

ඒ ශකිබ් අල් හසන් සහ ලිටන් ඩාස් වෙනුවටයි.

පුද්ගලික කරුණු මත මෙම සංචාරයෙන් ඉවත්වීමටයි ඔවුන් දෙදෙනා තීරණය කර ඇත්තේ.

ස්ටීව් රෝඩ්ස්ගේ කොන්ත්‍රාත්තුව අත්හිටුවීමත් සමග බංග්ලාදේශය මෙම සංචාරයට එක්වන්නේ ප්‍රධාන පුහුණුකරුවෙකු නොමැතිවයි.

කණ්ඩායමේ කළමාණාකරු වන කාලීඩ් මහ්මූඩ් තාවකාලිකව එම තනතුර සඳහා පත් කර තිඛෙනවා.