අයර්ලන්තයේදී තුන් කොන් ක්‍රිකට් තරඟමාලවක්

December 7, 2018

බංගලිදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සහභාගී වන තුන් කොන් එක්දින ක්‍රිකට් තරඟමාලවක් පැවැත්වීමට අයර්ලන්තය සුදානම් වනවා.

ලබන වසරේ මැයි මස තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. එහි අවසන් මහා තරඟය මැයි මස 17 වනදා පැවැත්වෙනවා.

ලබන වසරේ මැද භාගයේදී අයර්ලන්තය කණ්ඩායම සිම්බාබ්වේ / ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය සමගද සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟ කිහිපයකට සහභාගී වීමට නියමිතයි

. අයර්ලන්තය ලබන වසරේ මාර්තු මාසයේදී ඇෆ්ගනිස්ථානය සමග ටෙස්ට් ක්‍රිකට් තරඟයකට එක්වීමට ද බලාපොරොත්ුවෙන් පසු වන බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ.