අවශ්‍යම මොහොතේදී තිරිමාන්නගෙන් ශතකයක්

2021-01-17 at 12:37

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළ කඩුලු 04 ක් දැවී ලකුණු 242 ක් රැස් කර ගෙන සිටියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්න ලකුණු 111 කට දැවී ගියා.

එය ඔහුගේ දෙවන ටෙස්ට් ශතකයයි.

ඇන්ජලෝ මැතිව්ස් ළකුණු 30 ක්ද / නායක දිනේෂ් චන්දිමාල් ළකුණු 20 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 135 යි. සිය පළමු ඉණිම සඳහා එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ළකුණු 421 ක් ලබාගත්තා.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.