ආබාධයකට ලක්වූ ලසිත් ඇඹුල්දෙණිය සති 6 ක් පිටියෙන් ඉවතට ?

2019-02-22 at 07:05

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියට මෙම ටෙස්ට් තරගයේ ඉතිරියට සහභාගීවිමට නොහැකි වනු ඇතැයි වාර්තා පලවනවා.

උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී ඔහු ඊයේ ආබාධයකට ලක්වුණා.

ඔහු මුලුමනින්ම සුවය ලැබීමට සති 6 කට ආසන්න කාලයක් ගතවනු ඇති බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කලේ.

ලසිත් ඇඹුල්දෙණිය එක්ස් රේ පරීක්ෂණයකට යොමු කිරීමටද නියමිතව තිබුණා.

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා 2 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 2 වන දිනය අදයි.

ඊයේ දිනය නිමාවන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 කට ලබා සිටි ළකුණු සංඛ්‍යාව 60 ක්.

නායක දිමුත් කරුණාරත්න 17 කටද කුසල් මෙන්ඩිස් ළකුණු 16 කටද දැවී ගියා.

ඕෂධ ප්‍රනාන්දු කිසිදු ළකුණක් රැස්කර ගැනීමට සමත්වූයේ නැහැ. ළහිරු තිරිමාන්න නොදැවී 25 යි.

ඔහු සමග පන්දුවට පහර දෙමින් සිටියේ කසුන් රාජිතයි. දකුණු අප්‍රිකා පළමු ඉණිම සියල්ලන් දැවී 222 යි.

ක්වින්ටන් ඩි කොක් 86 ක් රැස් කලා. පන්දු යැවීමේදී කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 බැගින්ද ධනංජය ද සිල්වා කඩුලු 2 ක් ද බිඳ හෙලුවා.

තරගය පැවැත්වෙන්නේ පෝර්ට් එළිසඛෙත් හිදීයි.

Please follow and like us: