ආසියානු කුසලානය අභියෝගාත්මකයි – සෆ්රාස් අහමඩ්

2018-09-14 at 16:34

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟමාලවට එක්වන සෑම කණ්ඩායමක්ම ඉතා ප්‍රභල මට්ටමක පසු වන බව පාකිස්ථාන නායක සෆ්රාස් අහමඩ් පවසනවා.

ඔහුගේ මතය වන්නේ මෙවර තරඟමාලාවේ තණතිලි පිළිබඳ සලකා බැලීමේදී දඟ පන්දු යවන්නන් තීරණාත්මක සාධකයක් විය හැකි බවයි.

එසේම තම පිතිකරුවන්ගෙන් උපරිම දායකත්වය අපේක්ෂා කරන බව ද පාකිස්ථාන කණ්ඩායමේ නායකයා සඳහනු කර තිඛෙනවා. මෙම තරඟමාලවේ පාකිස්ථානය සහභාගී වන පළමු තරග ලබන ඉරිදා හොංකොං පිලට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව හා පාකිස්ථානය අතර තරඟය ලබන බදාදා පැවැත්වීමට නියමිතයි.