ඇන්ඩර්සන්ට දඩුවමක්

November 8, 2018

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට තරයේ අවවාද කර තවත් තවත් අසාදු ලකුණක් පිරිනමා තිඛෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම පියවර ගෙන ඇත්තේ ගාල්ලෙ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී විනිසුරුවරුන්ගේ තීරණයකට විරෝධය පළ කරමින් හැසිරීමේ වරද මතයි. චෝදනා විභාගයේදී ඇන්ඩර්සන් වරද පිළිගෙන තිඛෙනවා.