ඇන්ඩර්සන් විවේකය එපා කියයි

September 12, 2018

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟමාලාවලදී තමා විවේක ගැන්වීමෙන් වළකින්නැයි එංගලන්ත සුපිරි වේග පන්දු යවන්නෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් ඉල්ලීමක් කර තිඛෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව මී ළඟ තරඟමලාව ආරම්භ වීමට තවත් සති අටක කාලයක් ඇති බැවින් තමන්ට අමතර විවේකයක් අවශ්‍ය නොවන බවයි වේග පන්දු යවන්නා සඳහන් කළේ.

විවිධ ආබාධවලට ලක්වීම වළක්වා ගැනීමේ අරමුණ ඇතිව සිය ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන්ට ඉදිරියේදී විවෙකය ලබා දීමට එංගලන්ත තේරීම් කමිටුව තීරණය කර තිබුණා. එහෙත්  තමන් ඉතා යහපත් ශාරීරික යෝග්‍යතාවක පසුවන බැවින් තමන්ට අඛණ්ඩව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි වේග පන්දු යවන්නා ඉල්ලා ඇත්තේ.

මෙවර ඉන්දීය කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරඟමාලාවේ තරඟ පහේදී කඩුළු ලු 24 ක් දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණා.

එසේම ටෙස්ට් තරඟවලදී වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවා ගත් වේග පන්දු යවන්නා බවටද ඔහු පත් වී සිටිනවා. ඇන්ඩර්සන් මේ දක්වා දාවාගෙන ඇති ටෙස්ට් කඩුළු සංඛ්‍යාව 564ක්.