ඇෆ්ගනිස්ථානය පැරදවූ බංගලාදේශය ශ්‍රී ලංකාව පසුකර යයි

2019-06-25 at 06:26

ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ පැවැති තරගය ලකුණු 62 කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත්වුනා

තරගය පැවැත්වුනේ සවුත්හැම්ප්ටන් හිදියි.

කාසියේ වාසියේ දිනු ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දු යැවීමට තිරණය කළා. බංග්ලාදේශ පිළ නියමිත පන්දුවාර 50 තුල කඩුලු 7 ක් දැවී ලකුණු 262 ක් රැස් කළා. මුෂ්ෆිකර් රහිම් ලකුනු 83 යි.

ශකිබ් අල් හසන් ලකුණු 51 ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන පිළට පන්දුවාර 47 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගත හැකි වුනේ ලකුණු 200 ක් පමණයි.

සමිඋල්ලා ෂින්වරි නොදැවී ලකුණු 49 යි.

පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන්ද දස්කම් දැක්වු ශකිබ් අල් හසන් ලකුණු 29 කට කඩුලු 5 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

මේ අතර මෙම ජයග්‍රහණයත් සමග බංගලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණි අතර ශ්‍රී ලංකාව එහි හයවන ස්ථානයට පත්ව තිබෙනවා.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ එංගලන්තය හා ඔස්ටේ්‍රලියාව අතර තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ ලෝඞ්ස් ක්‍රීඩාංගනයේදියි.