ඇෆ්ගනිස්ථානය මංගල ටෙස්ට් තරඟ ජයග්‍රහණය වාර්තා කරයි

2019-03-18 at 12:34

සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟ ජයග්‍රහණය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත් වුණා. ඒ අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරඟය කඩුළු 7 කින් ජය ගනිමිනුයි.

ඉන්දියාවේ දෙහෙරා ඩුන් හිදී පැවති තරඟය ජය ගැනීම සඳහා අවසන් ඉණිමේදී ඇෆ්ගනිස්ථානයට හිමිවු ඉලක්කය ලකුණූ 147 ක්. ඔවුන් කඩුළු 3 ක් පමණක් දැවී ඉතා පහසුවෙන් ජයග්‍රහණය අත්කර ගත්තා.

මෙම තරඟයේ අයර්ලන්තය සිය පළමු ඉණිම සඳහා ලකුණූ 172 ක්ද දෙවන ඉණිම සඳහා ලකුණූ 288 ක්ද රැස් කළා. ඇෆ්ගනිස්ථාන පළමු ඉණිම ලකුණූ 314 යි.

ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය ටෙස්ට් වරම් දිනා ගත්තේ 2017 වසරේදියි.

Please follow and like us: