ඉන්දියාවට ඔලිම්පික් තහනමක්

2019-02-22 at 09:44

ජාත්‍යන්තර ක්‍රීඩා තරග සංවිධාන කිරීම තහනම් කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඉන්දියාවට තහනමක් පණවා තිඛෙනවා.

ඒ නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත වෙඩි තැබීමේ ලෝක කුසලානයට සහභාගීවීමට පකිස්ථාන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීසා නිකුත් නොකල බව කියන සිද්ධිය පදනම් කරගෙනයි.

පසුගිය සතියේදී කාශ්මීරයේදී ඉන්දීය සෙබලුන් පිරිසක් ඉලක්ක කර සිදුකල බෝම්බ ප්‍රහාරයට පකිස්ථානය සම්බන්ධ යැයි චෝදනා කරමින් එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීසා නිකුත් නොකිරීමට ඉන්දියාව පියවර ගත්තා.

ඒ අනුව පැනවූ තහනමත් සමග නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ඉසව් කිහිපයක් අවලංගු කිරීමටද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිඛෙනවා.