ඉන්දියාවට ප්‍රථමස්ථානය හිමිකර දෙමින් 13 වන සාග් ක්‍රීඩා උළෙල නිමාවට

2019-12-10 at 22:15

ඉන්දියාවට සමස්ත පදක්කම් සටහනේ ප්‍රථමස්ථානය හිමිකර දෙමින් 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නිමාවට පත්වුණා.

දින 10 ක් පුරා නේපාලයේ කත්මණ්ඩු අගනුවරදීයි තරග ඉසව් පැවැත්වුණේ.

ඉන්දියාව රන් පදක්කම් 174 ක් / රිදී 93 ක් සහ ලෝකඩ පදක්කම් 45 ක් සමග සමස්ථ පදක්කම් 312 ක් දිනා ගනු ලැබුවා.

සත්කාරක නේපාලය රන් පදක්කම් 51 ක් / රිදී 60 ක් සහ ලෝකඩ පදක්කම් 95 ක් හිමිකර ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකාව දිනාගත් සමස්ථ පදක්කම් ගණන 251 ක්.

රන් 40 ක් / රිදී 83 ක් සහ ලෝකඩ 128 ක් ඊට අයත්.

පකිස්ථානය / බංග්ලාදේශය සහ මාලදිවයින පිලිවෙලින් 4 වන / 5 වන සහ 6 වන ස්ථාන දිනාගත් අතර 7 වන ස්ථානයට පත්වූ භූතානයට කිසිදු රන් පදක්කමක් දිනා ගැනීමට හැකිවුයේ නැහැ.

මළල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාව වසර 28 කට පසු පෙරමුණ ගැනීමට සමත්වීමද මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ විශේෂත්වයක් වුණා.