ඉන්දියාව තරගාවලිය සම කරයි

2019-02-08 at 15:31

නවසීලන්තයට එරෙහි දෙවන 20 යි 20 තරගයෙන් කඩුළු 7 ක ජයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරඟය පැවැත්වුණේ ඔක්ලන්ඩ්හිදියී.

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 දී කඩුළු 8 කට ලකුණූ 158 ක් ලබා ගත්තා. කොලින් ඩී ග්‍රැන්ඩ්හෝම් ලකුණූ 50 යි. හර්දික් පාන්ඩ්යා කඩුළු 3 ක් දවා ගත්තා.

ඉන්දීය පිල සිය පිළිතුරු ඉණිමේ පන්දුවාර 18 යි පන්දු 5 කදි කඩුළු 3 ක් පමණක් දැවී ලකුණු 162 ක් රැස් කරමින් ජයග්‍රහණය ලබා ගත්තා. රෝහිත් ශර්මා ලකුණූ 50 යි.

දෙරට අතර පළමු තරගයේ ජය හිමි වුයේ නවසීලන්තයටයි. තුන් වන 20 යි 20 තරඟය අනිද්දා හැමිල්ටන් හිදී පැවැත්වෙනවා.