ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පෙරළිකාර ජයක්

2019-11-10 at 16:38

බටහිර ඉන්දිය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 84 කින් ජය ගැනීමට ඉන්දිය කාන්තා කණ්ඩායම සමත්වුනා.

ශාන්ත ලුසියා හීදියි තරගය පැවැත්වුනේ.

කාසියේ වාසියේ දිනු බටහිර ඉන්දිය කොදෙව් කාන්තා පිළ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඉන්දිය කාන්තා පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 185 ක්.

ශෆාලි වෙර්මා ලකුණු 73 ක් හා ස්මිත්‍රි මන්දනා ලකුණු 67 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වුනේ ලකුණු 101 ක් පමණයි.