ඉන්දීය කාන්තා ක්‍රිකට් පිළට අන්ත පරාජයක්

2019-02-10 at 14:20

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3 ට 0 ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කාන්තා කන්ඩායම සමත්වුනා.

දෙරට අතර තරගාවලියේ තුන්වන තරගය අද පැවැත්වුනේ හැම්ල්ටන් හීදි. කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත පිළ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7 ක් දැවී ලකුනු 161 ක් රැස් කළා.

සොෆී ඩුවායින් ලකුණු 72 යි. දීප්ති ශර්මා කඩුලු 2 ක් දවා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4 ක් දැවී ලබා ගත්තේ ලකුනු 159 ක් පමණයි.

ඒ අනුව 3 වන විස්සයි විස්ස තරගයේ ජය ලකුණු 2 කින් නවසීලන්ත කාන්තා කණ්ඩායමට හිමිවුනා.

දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලකුනු 23 කින් හා දෙවන තරගය කඩුලු 4 කින් ජය ගත් නවසීලන්ත කාන්තා කණ්ඩායම මෙම තරගයද ලකුණු 2 කින් ජය ගනිමින් විස්සයි විස්ස තරගාවලිය ජයගත්තා.