ඉන්දු – එංගලන්ත 3 වැනි ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට

2021-02-26 at 06:20

එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තුන්වන තරගය කඩුලු 10 කින් ජය ගන්නට ඉන්දියාව සමත්වුනා.

තරගය පැවැත්වුනේ ඉන්දියාවේ අහමදාබාද් නගරයේ ඉදිකල ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මොටෙරා හිදියි.

එංගලන්තයට පළමු ඉනිමට සියල්ලන් දැවි ලකුණු 112 ක් රැස් කළ අතර ඉන්දියාව රැස් කළේ ලකුණු 145 ක් පමණයි.

අක්සාර් පටේල් කඩුලු 6 ක්ද ජෝ රූට් කඩුුලු 5 ක්ද දවාගත්තා.

එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 81 යි. දෙවැනි ඉනිමේදිද අක්සාර් පටේල් කඩුලු 5 ක් දවාගැනීමට සමත්වුනා.

ඒ අනුව තරගය ජයගැනිමට ඉන්දියාවට හිමිවු ඉලක්කය ලකුණු 49 ක්. ඔවුන් කිසිවෙකුත් නොදැවි එම ඉලක්කය සපුරා ගත්තා. තරගයේ වීරයා ඉන්දීය පිළේ අක්සාර් පටේල්.

තරග 04 කින් සමන්විත ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලිය 2 ට එකක් ලෙස ජය ගනිමින් පෙරමුණේ පසුවන්නේ ඉන්දියාවයි.

තරගාවලියේ අවසන් තරගය මාර්තු 04 වැනිදා මොටෙරා හිදි ආරම්භ වීමට නියමිතයි.