ඉන්දු – නවසීලන්ත තරගය අද

2019-06-13 at 07:11

ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ පකිස්ථානය සමග ඊයේ පැවැති තරගය ලකුණු 41 කින් ජය ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වුනා.

තරගය පැවැත්වුනේ ටෝන්ටන් හීදියි. කාසියේ වාසිය දිනූ පකිස්ථාන පිළ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඔස්ටේ්‍රලියානු පිළ වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ඒරන් ෆින්ච් හා ඬේවිඞ් වෝනර් සමත්වුනා. ෆින්ච් ලකුණු 82 යි.

ඬේව්ඞ් වෝනර් ලකුණු 107 ක් ලබා ගත්තේ හතරේ පහර 11 ක් හා එක් හයේ පහරක් සමගින්. පන්දුවාර 49 ක් තුළ සියල්ලන් දැවී ඔස්ටේ්‍රලියානු පිළ රැස් කළ ලකුණු සංඛ්‍යාව 307 ක්.

මොහොමඞ් අමීර් ලකුණු 30 කට කඩුලු 5 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 45 යි පන්දු 4 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 266 ක් පමණයි.

ඉමාම් උල් හක් ලකූණු 53 යි. පැට් කමින්ස් කඩුලු 3 යි. තරගයේ වීරයා ඬේවිඞ් වෝනර්. මේ අතර ලෝක කුසලානයේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය අද නොටින්හැම් හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ මේ දක්වා සහභාගී වූ තරග 3 ම නවසීලන්තය විසින්ද තරග 2 ම ඉන්දියාව විසින්ද ජයගෙන කණ්ඩායම් 2 ම අපරාජිතවයි පසුවන්නේ.