ඉෂාන්ත් ෂර්මා යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වෙයි

2020-02-16 at 15:29

නවසීලන්තය සමග පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී සිය උපරිම දස්කම් දැක්වීමට අපේක්ෂා කරන බව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ෂර්මා පවසනවා.

වලලුකර ප්‍රදේශයේ හටගත් ආබාධයක් හේතුවෙන් ඉෂාන්ත් ශර්මා කෙටි කලක් ටෙස්ට් පිටියෙන් ඈත්ව සිටියා. මේ වන විට තම ආබාධ තත්වය සුව වී ඇති බවයි ඉෂාන්ත් ෂර්මා නිකුත් කළ ටිව්ටර් පණිවිඩයක දැක්වෙන්නේ.

මේ අතර ඉෂාන්ත් ශර්මා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන්ද සමත්වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ.

නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා නම් කළ ඉන්දීය සංචිතයටද ඉෂාන්ත් ෂර්මා ඇතුලත්.

තරග 2 කින් සමන්විත ඉන්දු – නවසීලන්ත ටෙස්ට් තරගමාලාවේ පළමු තරගය ලබන 21 වනදා වෙලින්ටන් හීදි ආරම්භ වීමට නියමිතයි.

තරගමාලාවේ පළමු තරගය ලබන 21 වනදා වෙලින්ටන් හීදි ආරම්භ වීමට නියමිතයි.


risus venenatis, pulvinar Donec fringilla ut massa Nullam mattis et,