ඉසුරු උදානගේ උත්සාහය අපතේ යයි – ලංකාවට කඩුලු 6 ක පරාජයක්

2019-03-14 at 04:52

සංචාරක ශ්‍රී ලංකාවට එරෙහි හතරවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබීමට දකුණු අප්‍රීකාව සමත්වුණා.

පෝර්ට් එලිසබත්හිදී ඊයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 39 යි පන්දු දෙකකදී ලකුණු 189 ක් රැස් කළා.

හුදෙකලා සටනක නිරත වෙමින් තරගයේ වීරයා වූ ඉසුරු උදාන ලකුණු 78 යි. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 29 යි. පන්දු යැවීමේදී ඇන්රිච් නෝර්ට්ජේ කඩුලු 3 ක් බිද හෙලුවා.

ලකුණු 190 ක ජයග්‍රාහී ඉලක්කයක් හබාගිය දකුනු අප්‍රිකාව පන්දුවාර 32 යි පන්දු 5 ක් තුල කඩුලු 4 ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

ක්වින්ටන් ඩී කොක් ලකුණු 51 යි. නායක පෆ් ඩූ ප්ලේසි ලකුණු 43 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා කඩුලු 03 ක් බිදහෙලුවා.

ඒ අනුව පැවති තරග 4 ම ජයගනිමින් දකුනු අප්‍රිකාව මේ වන විටත් තරගාවලියේ ජය හිමිකරගෙන සිටිනවා.

දෙරට අතර අවසන් එක්දින තරගය අනිද්දා කේප් ටවුන්හිදී පැවැත්වීමට නියමිතයි.