IPL 2020 : ඊයේ ජය කිංග්ස් ලෙවන් පන්ජාබ්ට

2020-10-21 at 06:35

මෙවර අයි පී එල් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ජය ගැනීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා.

ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 164ක්.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කිංග්ස් ලෙවන් පන්ජාබ් පිල පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.

අයි පී එල් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කන්ඩායම් අතරයි.

තරගය පැවැත්වෙන්නේ අබුඩාබි හී ශෙයික් සයිඞ් ක්‍රිඩාංගණයේදීයි.