එංගලන්තයට එරෙහි ටෙස්ට් සංචිතය නම් කෙරේ

2021-01-13 at 11:44

ටෙස්ට් තරග 02 කින් සමන්විත එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

22 දෙනෙකුගෙන් සමන්විත ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට කුසල් ජනිත් පෙරේරා / දිනේෂ් චන්දිමාල් / කුසල් මෙන්ඩිස් / ඇන්ජලෝ මැතිව්ස් / ඕෂධ ප්‍රනාන්දු / නිරෝෂන් දික්වැල්ල / මිනෝද් භානුක / ළහිරු තිරිමාන්න සහ ලසිත් ඇඹුල්දෙණිය ඇතුළත්.

වනිඳු හසරංග / දිල්රුවන් පෙරේරා / සුරංග ලක්මාල් / ළහිරු කුමාර / විශ්ව ප්‍රනාන්දු / දුෂ්මන්ත චමීර / දසුන් ශානක / අසිත ප්‍රනාන්දු / රොෂේන් සිල්වා / ලක්ෂාන් සඳකැන් / නුවන් ප්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස්ද සංචිතයට නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.