එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම 135 යි

2021-01-14 at 14:46

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ළකුණු 135 කට සීමාවුණා.

නායක දිනේෂ් චන්දිමාල් 28 ක්ද ඇන්ජලෝ මැතිව්ස් 27 ක්ද දසුන් ශානක 23 ක්ද ලබාගත්තා.

කුසල් ජනිත් පෙරේරා 20 ක්ද වනිඳු හසරංග 19 ක්ද රැස්කලා.

කුසල් මෙන්ඩිස් / දිල්රුවන් පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණිය කිසිදු ළකුණක් ලබාගත්තේ නැහැ.

පන්දු යැවීමේදී ඩොම් බෙස් ළකුණු 30 කට කඩුලු 05 ක්ද / ස්ටුවර්ට් බ්‍රෝඞ් ළකුණු 20 කට කඩුලු 03 ක්ද බිඳ හෙලුවා.

එංගලන්ත පළමු ඉණිම ආරම්භවීමට නියමිතයි.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.