එංගලන්තයට තවත් T20 තරගාවලි ජයක්

2020-02-17 at 06:02

දකුණූ අප්‍රිකාවට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගමාලාව දෙකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ තුන් වන හා අවසන් තරගය කඩුලු 5 කින් ජය ගනිමින්. එම තරගය සෙන්චුරියන් හිදි පැවැත්වුණා.

එහිදි පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණූ අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවි ලකුණූ 222 ක් රැස් කළා.

හෙන්රික් ක්ලාසන් 66 යි. ටොම් කරන් හා බෙන් ස්ටොක්ස් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

එංගලන්තය පන්දුවාර 19 යි එක් පන්දුවකදී කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජොනී බෙයාස්ටෝ ලකුණූ 64 යි. ඔවන් මෝර්ගන් සහ ජොස් බට්ලර් ලකුණූ 57 බැගින් රැස් කළා.


non nunc luctus ipsum felis odio ante. mi, quis, justo dictum