එංගලන්තයට ලකුණු 2 ක තියුණු ජයක්

2020-02-15 at 16:08

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුනා.

තරගය පැවැත්වුනේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් හීදි. කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු පිළ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

එංගලන්තය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 204 ක්. ඛෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 47 යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිළට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7 ක් දැවී රැස් කර ගත හැකිවුනේ ලකුණු 202 ක් පමණයි.

නායක ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 65 යි. ඒ අනුව තරග තුනකින් සමන්විත දකුනු අප්‍රිකා – එංගලන්ත විස්සයි විස්ස තරගාවලියේ එක් තරගය බැගින් ජයගෙන දෙපිලම සම තත්වයේ පසුවනවා.

තරගාවලියේ අවසන් තරගය හෙට දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හීදි ආරම්භ වීමට නියමිතයි.