එංගලන්තය යළි සටනට අවතීර්ණ වෙයි ?

November 6, 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් කරඟයේ පළමු දිනය අදයි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම දිනය අවසානයේදී කඩුළු 8 ක් දැවී ලබා සිටි ලකුණූ සංඛ්‍යාව 321 ක්.

ඛෙන් ෆෝක්ස් නොදැවී 87 යි. සෑම් කරන් 48 යි. පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා කඩුළු 4 ක් දවාගත්තා. සුරංග ලක්මාල් කඩුළු දෙකයි.

රංගන හේරත් සහ අකිල ධනංජය එක් කඩුලල බැගින් දවා ගත්තා. රංගන හේරත් අද ගාල්ල ක්‍රීඩාංගනයේදී ලබා ගත්තේ එම ක්‍රීඩා පිටියේදී පමණක් ඔහු බිඳහෙළු සිය වන කඩුල්ලයි.

මීට පෙර එක් ක්‍රීඩාංගනයකදී පමණත් කඩුළු 100 ක් දවා ගැනීමට සමත් වී ඇත්තේ මුත්තයියා මුරලිදරන් සහ එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් පමණයි.

මෙය රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයද වනවා.