එංගලන්තය හමුවේ ලංකාව පසුබසී

2019-03-21 at 16:35

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තුන් වන එක් දින තරඟයෙන් කඩුළු 8 ක පහසු ජයක් ලබා ගැනීමට සංචාරක එංගලන්ත කාන්තා කණ්ඩායම අද සමත් වුණා. තරගය පැවැත්වුණේ කටුනායක නගරසභා ක්‍රීඩාංගනයේදීයී.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍ර්‍රි ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50 දී ලකුණූ 174 කට දැවී ගියා. එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවා 26 යි එක් පන්දුවකදී කඩුළු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙම තරඟමලාවේ තරඟ තුනම ජය ගත්තේ එංගලන්ත කාන්තා කණ්ඩායමයි. දෙරට අතර 20 යි 20 ක්‍රිකට් තරඟමලාව ලබන ඉරිදා කොළඹදී ආරම්භ වීමට නියමිතයි.

Please follow and like us: