එංගලන්ත ඔස්ට්‍රේලියා පළමු තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

2020-09-12 at 10:56

එංගලන්තය සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුනු 19 ක ජයක් හිමිකර ගැනිමට ඔස්ටේ්‍රලියාව සමත්වුනා.

තරගය පැවැත්වුනේ එංගලන්තයේ ඔිල්ඞ් ට්‍රැෆඞ් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

කාසියේ වාසිය දිනු එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඔස්ටේ්‍රලියානු පිළ නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9 ක් දැවී ලකුනු 294 ක් රැස් කළා.

ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 77 යි. මාර්ක් වුඞ් හා ජොෆ්රා ආචර් කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිළට පන්දුවාරඑ 50 තුල සියල්ලන් දැවි රැස්කර ගත හැකිවුයේ ලකුණු 275 ක් පමණයි.

සෑම් බිලින්ග්ස් ලකුණු 118 යි.

දෙරට අතර දෙවන එක්දින තරගය හෙට එංගලන්තයේ ඔිල්ඞ් ට්‍රැෆඞ් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.

මේ වන විට තරගාවලිය එකට බින්දුවක් ලෙස ජය ගනිමින් ඔස්ටේ්‍රලියාව පෙරමුනේ පසුවනවා.