එංගලන්ත කණ්ඩායමේ කිසිවෙකුට කොරෝනා නැතැයි 02 වන PCR පරීක්ෂණයෙන් හෙළිවෙයි

2021-01-06 at 14:45

දිවයිනට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනාගේ දෙවන පී සී ආර් පරීක්ෂණ වාර්තා අනුව ඔවුන් කිසිවෙකුටත් වෛරසය වැළඳී නොමැති බව හෙළිකරගෙන තිබෙනවා.

මේ අනුව අද පස්වරුවේ ඔවුන් හම්බන්තොටදී සිය පළමු පුහුණු සැසියට සහභාගීවීමට නියමිතයි.

කෙසේවෙතත් ඔවුන් යළිත් හෙට දිනයේදී නැවතත් පී සී ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

එංගලන්ත ක්‍රීඩකයන් මෙලෙස පී සී ආර් පරීක්ෂණවලට යොමු කෙරුණේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී කොවිඞ් ආසාධිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමගයි.