එංගලන්ත ක්‍රීඩකයන්ගේ දෙවන PCR ප්‍රථිඵල අද

2021-01-06 at 06:52

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා පැමිණි එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දෙවන පී සී ආර් පරීක්ෂණ වාර්තා ප්‍රථිඵල අද ලැබීමට නියමිතයි.

ඉන් අනතුරුව ඔවුන් සිය පළමු පුහුණු සැසිය ආරම්භ කරනු ඇති බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කලේ.

පී සී ආර් වාර්තා ලැබෙනතුරු එංගලන්ත ක්‍රීඩකයන් හෝටල් කාමරවලම රැඳී සිටිය යුතු වනවා.

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලි ට කොවිඞ්19 වෛරසය වැළඳී ඇතැයි අනාවරණය කරගැනීමත් සමගයි කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් පී සී ආර් පරීක්ෂණවලට ලක් කෙරුණේ.

මේ අතර දකුණු අප්‍රිකා සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දින 10 ක නිරෝධායනයකට ලක් නොකෙරෙන බව ක්‍රිකට් වාර්තාවල සඳහන්.

ඔවුන් එක් ජෛව ආරක්ෂණ බුබුළක සිට තවත් ජෛව ආරක්ෂණ බුබුළකට හුවමාරුවීම ඊට හේතුවයි.

කෙසේවෙතත් ලබන 14 වනදා ආරම්භවීමට නියමිත එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතව තිබෙනවා.