එංගලන්ත පළමු ඉණිම සියල්ලන් දැවී ළකුණු 421
2021-01-16 at 12:21

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉණිම සඳහා සංචාරක එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ළකුණු 421 ක් ලබාගත්තා.
නායක ජෝ රූට් 228 යි. ඩැන් ලෝරන්ස් 73 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා කඩුලු 04 ක්ද ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 03 ක්ද බිඳ හෙලුවා.
ශ්‍රී ලංකා පළමු ඉණිම සියල්ලන් දැවී 135 යි. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්රීඩාංගණයේදීයි.
තරගය මේ වනවිට දිවා ආහාරය සඳහා නතර කර ඇති අතර ශ්‍රී ලංකා දෙවන ඉණිම ආරම්භවීමට නියමිතයි.
