ඔස්ටේ‍්‍රලියාවේ සහ එංගලන්තයේ පැමිණි ගැන පකිස්ථානය අපේක්ෂාවෙන්

2019-11-18 at 17:23

ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය ඉදිරියේදී පාකිස්ථානයේ ක්‍රිකට් තරඟ සංචාරවලට එක්වනු ඇතැයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණඩලය විශ්වාසය පල කරනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක වසීම් ඛාන් මහතා පවසන්නේ ශ්‍රී ලංකා පිලේ ඉදිරි ටෙස්ට් ක්‍රිකට් තරඟ සංචාරය පාකිස්ථානය තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇති බවයි.

ලබන මාසයේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමටෙස්ට් තරඟ දෙකකට සහභාගී වීම සඳහා පාකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව වසර 10 කට පසුව සිය රටේදී ටෙස්ට් ක්‍රිකට් තරඟමාලාවකට සහභාගී වීමේ අවස්ථාව පාකිස්ථානයට හිමි වනවා.

2009 වසරේ මාර්තු මාසයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා පිලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීම හේතුවන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වීමේ අවස්ථාව පාකිස්ථානයට අහිමි වුණා.

ශ්‍රී ලංකා පිල පසුගියදා පාකිස්ථානයේදී එක් දින හා 20 යි 20 තරඟමාලා දෙකකට සහභාගී වුණා.