ඕස්ට්‍රේලියා – එංගලන්ත තරගාවලිය සමවෙයි

2020-09-14 at 06:46

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය  ලකුණු 24 කින් ජය ගැනීමට එංගලන්තය සමත්වුනා.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ එක් තරගය බැගින් ජයගෙන දෙපිලම සම තත්වයේ පසුවනවා.

දෙවන තරගය ඊයේ පැවැත්වුනේ එංගලන්තයේ ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි. කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9 ක් දැවී එංගලන්ත පිළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 231 ක්. ඔවන් මෝගන් ලකුණු 42 ක්ද / ජෝ රූට් ලකුණු 39 ක්ද රැස් කළා.

ඇඩම් සම්පා කඩුලු 3 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු පිළට පන්දුවාර 48 යි පන්දු 4 කදී සියල්ලන් දැවී රැස් කර ගත හැකිවුනේ ලකුණු 207 ක් පමණයි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා වුයේ ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් පමණයි.

4 පහර 8 ක් හා එක් හයේ පහරක් සහිතව ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 73 ක්.

ඕස්ට්‍රේලියානු ඉනිමේ පිතිකරුවන් හය දෙනෙකුම ලකුණු 10 සීමාවට අඩුවෙන් දැවී යාම විශේෂත්වයක්. ක්‍රිස් වෝක්ස් හා ජොෆ්රා ආචර් අතර කඩුලු 3 බැගින් ඛෙදී ගියා.

එංගලන්ත – ඕස්ට්‍රේලියා තරග මාලාවේ තීරණාත්මක තුන්වන තරගය අනිද්දා ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.