ඕස්ටෙ‍්‍රිලියා T20 නායක ආබාධයක

2019-10-19 at 19:41

ඕස්ටේ‍රිලියා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් ආබාධයකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියටද ඔහුගේ සහභාගීත්වය අවිනිෂ්චිත බවයි ඕස්ටේ‍රිලියානු ක්‍රිකට් ආයතය සඳහන් කලේ.

කෙසේ වෙතත් තම ආබාධ තත්වය සුව වී ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට එක්වීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි ඒරන් ෆින්ච් පවසා ඇත්තේ.

සංචාරක ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍රිලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන ඉරිදා ආරම්භ වීමට නියමිතයි.