ක්‍රිකට් නිලවරණයට තවමත් දිනයක් නැහැ – CEO

September 13, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන දින වකවානු තවමත් තීරණය කර නොමැති බව එහි ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා පවසනවා. ක්‍රිකට් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රධාන විධායක නිලධාරීයා මෙම අදහස් පළ කළා.

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයට සියල්ල හොඳින් සුදානම් කෙරෙමින් පවතින බවයි ඇෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේ.

ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙන එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරඟ තුනකට එක්දින තරඟ පහකට හා එක් 20 යි 20 තරඟයකට සහභාගී වීමට නියමිතයි.