ක්‍රිස් ගෙල්ට වන්දියක්

December 3, 2018

ඔස්ටේ්‍රලියානු මාධ්‍ය ආයතනයකට එරෙහිව ගොනු කළ අපහාස නඩුවක් ජයගත් බටහිර ඉන්දීය කොදෙව් සුපිරී ක්‍රීඩක ක්‍රිස්ගෙල්ට ඔස්ටේ්‍රලියානු ඩොලර් තුන් ලක්ෂයක වන්දියක් ලබා දෙන්නැයි අධිකරණය නියම කර තිඛෙනවා.

2015 වසරේ පැවිති ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලා කාලසීමාවේදී ගේල් එක්තරා සේවිකාවක් ඉදිරියේ අවිනීතව හැසිරී ඇති බව පවසමින් පළ කළ වාර්තාවක් හේතුවෙනුයි මෙම වන්දිය ලබා දීමට නියමිත වී ඇත්තේ.

එම චෝදනා එල්ල වු සමයේම ඒවා තරයේ ප්‍රතික්ෂේප කළ ක්‍රිස් ගෙල් සඳහන් කලේ එමගින් තමන්ට සහ තම ක්‍රීඩා දිවියට බරපතල අසාධාරණයක් සිදු වී ඇති බවයි.

එබැවින් කොදෙව් සුපිරි ක්‍රීඩකයා අදාල මාධ්‍ය ආයතනයට එරෙහිව නඩු පවරා තිබුණා. කෙසේ වුවත් ඔස්ටේ්‍රලියානු මාධ්‍ය ආයතනය සඳහන් කළේ මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.