ක්‍රීඩකයින් 05 දෙනෙකු සංචිතයෙන් නිදහස්

2021-01-19 at 20:18

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ සිටි ක්‍රීඩකයින් පස් දෙනෙකුට ඉන් ඉවත්ව නිවෙස් බලා යාමට අවසර හිමිව තිබෙනවා.

කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, මිනෝද භානුක සහ ලහිරු කුමාරට මෙලෙස ශ්‍රී ලංකා සංචිත ජෛව බුබුලෙන් නිදහස්ව යාමට අවසර ලබා දී ඇති අතර, නායක දිමුත් කරුණාරත්න ආබාධයක් හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත් කොට තිබෙනවා.