ක්‍රේග් මැක්මිලන් ශ්‍රී ලංකා – බංගලාදේශ තරගාවලියට නෑ

2020-09-19 at 16:01

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙක් ලෙස පත්කෙරුණු හිටපු නවසීලන්ත ක්‍රීඩක ක්‍රේග් මැක්මිලන් ඔක්තොම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – බංගලාදේශ ටෙස්ට් තරගාවලියට එක් නොවන බව තහවුරු කර තිබෙනවා.

ඒ ඔහුගේ පියාගේ හදිසි අභාවය හේතුවෙන්.

තමාට දීර්ඝ විවේකයක් අවශ්‍ය බවත් / උපදේශකයෙකු ලෙස මේ මොහාතේදි බංගලාදේශ පිළට සේවය දිය නොහැකි බවත් ක්‍රේග් මැක්මිලන් දැනුම් දී ඇති බවයි බංගලාදේශ ක්‍රිකට් පාළක මණ්ඩලය සදහන් කළේ.

තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගමාලාව ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් මාසයේදියි. ඊට සහභාගී වන බංගලාදේශ පිළ සැප්තැම්බර් 27 වනදා මෙරටට පැමිණිමට නියමිතයි.